Please note that Tapas no longer supports Internet Explorer.
We recommend upgrading to the latest Microsoft Edge, Google Chrome, or Firefox.
Home
Comics
Novels
Community
Mature
More
Help Discord Forums Newsfeed Contact Merch Shop
Publish
Home
Comics
Novels
Community
Mature
More
Help Discord Forums Newsfeed Contact Merch Shop
__anonymous__
__anonymous__
0
  • Publish
  • Ink shop
  • Redeem code
  • Settings
  • Log out

I AM VIJAYA (sinhala)

I AM VIJAYA

I AM VIJAYA

Mar 06, 2023

මම...

"මම කවුද?" 

කැඩපතක් ඉදිරියේ කදුලු පිරුන දෑසකින්, මුලු ලොවෙන්ම තනිවුනු ඒ එකම එක බිඳුනු ආත්මෙන් මමත්, ඔබත් එදා මෙදා ප්‍රශ්ණ කරන ඒ යථාර්ථයේ හිඩැස.

අප සැවොම නිකරුනේ හිස් අවකාශයේ පාවෙන ආලෝක පමණයි. සමහර ආලෝක අනෙකාට වඩා දීප්තිමත්ව දැල්වෙන අතර සමහර ආලෝක අනෙකාට වඩා ඉක්මන්ව දැල්වී⁣ ගොස් ගැඹුරු අන්ධකාරයේ කොටසක් වේවි.

මේ ආලෝක වර්ග දෙකෙන් මම කොයිකද? මම දන්නේ නෑ. සමහරවිට මගේ මේ ජීවිත කතාව තවත් එක දුක්බර ඛේදවාචකයක් වේවි. නැත්නම් මේ කතාව මිනිසෙක්ගේ දරාගැනීමේ ශක්තිය, කැපකිරීම්, ඛේදවාචක නිසා විනාශ වුනු නමුත් නැවත ගොඩනගන මිනිසෙක්ගෙ වීර කතාවක් වේවි.

අනාගතය අස්ථීර, අතීතය ස්ථිරයි.

නමුත් අප වර්තමානය තුල ජීවත් වෙමු.


මගේ කතාව සමහරවිට ආරම්භය වන්න ඇත්තේ ඒ එක ආලෝකමත්, උණුසුම් රාත්‍රියකදි. මම, මගේ ඒ සොදුරු ළමාකාලය, මගේ අම්මා දිප්තිමත් ආලෝකයෙන් දැවි ගියා. එ⁣හෙත් ඒ අළු අතරින් නැවත ඉපදුනේ මීට පෙර සිටි ⁣ඒ අහිංසක, ආදරයෙන් පිරුනු දරුවා නොවෙයි.


තාත්තෙකු නැතිව වැවක් අසළ අම්මා සමග හැදී වැඩුන මට එදිනෙන් පසු ඉතිරි වුනේ අම්මාගේ මළසිරුරෙ අළු පමණි. 

අම්මාගේ අවසන් කටයුතු කරද්දිත් මා වයස අටක නවයක පමණයි. කුන්දාර් ගමේ විශාල පිරිසක් එදා අවමගුල් උත්සවයට සහභාගි වූයේ අම්මා අපේ ගමේ උපාසක මාතාවක් සහ ගමේ පැරණි පවුලක සාමාජිකයෙක් නිසා වෙන්න ඇති. නමුත් ඒ කිසිම කෙනෙක් මම කවුරුද, කොහොමද කියා සොයා බැලුවෙ නැත. කෙසේ වෙතත් මම මීට පෙර දැක නැති පුද්ගලයෙක් මාව අපේ ගිනිගත් ⁣නිවස ඉදිරියෙ අැති වැව් ඉවුර මතට රැගෙන ගොස් අම්මාගේ අළු වැවට මුදාහැරීමට සහය වුනි. මම ඒ අළු වැව් කෙලවර සහ අහස එක් වුනු රත් පැහැති සිතිජය දෙසට ගමන් කරන හැටි නැරඹුවේ මීට පෙර මමයි, මගෙ අම්මයි වැව් ඉවුරේ බෝ ගස අසල සිට හිරු බසින ඒ අලංකාර රූපය නරඹපු අයුරිනි.

නමුත් මේ මො⁣හොතේ දී මගේ මුවෙ සිනහවක් නොතිබුනි.

අම්මා මට අ⁣ම්මාගේ අන්තිම සන්ද්‍යාවේදි පැවසුවේ

"ජීවිතෙත් හරියට මේ වැව වගේ.  පිටාර ගලනවා, දිය සෙවලට බොරවෙනවා, ඉරි තලපු පතුලට හිඳෙනවා. තවත් වෙලාවකට නෙලුම් මල්වලින් පිරිලා. 

ඒත් වැව කොයි විදිහට තිබුනත්, හැමදාමත් ඉර වැවේ එහා කොණින් නිදාගනී. ඒ නිසා පොඩි මොහොතකට අපි ඒ හවස අහස දිහා බලං ඉමු.

අපි ඒ එකට ගත කරන හැම මොහොතකම වටිනාකමක් තියෙනවා. 

ඒ සතුට. "

සතුට. මට දැන් ඒ හැගීම වේදනාකාරි හැගීමකි. 

සති කිහිපයකට පසුව කුන්දාර් මහා විහාරයේ නායක හාමුදුරුවන් වහන්සේ වුන ලක්කතිස්ස හිමි එහෙමත් නැතිනම් " ලොකු හාමුදුරුවෝ " මාව මහා විහාරයට රැගෙන ගොස් නවාතැනක් සැපයිය. උන්වහන්සේ මට පරණ කාමරයකට වී තුවාල සුව වන තෙක් විවෙක ගන්නට ඉඩදුනි.

නමුත් මට නිසි ලෙස විවෙක ගන්න නොලැබුනේ මගේ ඇඳ යටින් පැමිණි අමුත් ශබ්දයක් නිසා. මට දැනුනේ කවුරුන් හෝ ඇඳ යට සිට හුස්ම ගන්නා ආකාරයකි. නමුත් ඒ ශබ්දයට වඩා මට හැගුනෙ කුමන හෝ දෙයක් ඒ ඇඳ යට තියෙන බවයි. එ් හෙයින් මම ඇද යට  එබිකම් කර බලා ඒ අන්ධකාරය දෙසට ගමන් කලෙමි.


ඇඳ යටින් නැවත පිටතට මම පැමිණියේ පෞරාණික පෙනුමක් ඇති ලීයකින් නිම කල යක්ෂ වෙස් මුහුණක් අතැතිවයි.

දං ගෙඩි වැනි රවුම් කලු ඇස් දෙපලක්ද, දිගටි නාසයක් සහ උල් දල් යුගලක් තිබුන ඒ ලී වෙස් මුහුණ දෙස මා බලා සිටිනා විට එයද මා දෙස බලා සිටියෙ යම්කිසි අද්භූත බලවේගයක් මා හට යමක් පවසනවා මෙනි.

ලොකු හාමුදුරුවෝ ඒ මොහොතේ දී එතනට වැඩම කලේ ඒ වෙස්මූණ අතීතයේදී නපුරු බලවේග වලට එරෙහිව භාවිත කල වස්තුවක් ලෙසිනි. නමුත් මා එය විශ්වාස නොකලේ එය ලී කැබැල්ලක් පමණ නිසාය. ඒත් මාගේ නැණ පැදුවේ ලොකු හාමුදුරුවෝගේ වචනවලිනි.

"පොඩි ලී කැබැල්ලක් වුවත් විශාල කාර්යයක් කරාවි අවතක්සේරු නොකලොත්"

සමහරවිට මමත් අවතක්සේරු කෙරුනු ලී කැබැල්ලක් ද විය හැකි බව මා සිතුවා. මා ද වෙස් මුහුණකි.


මාස කීපයකට පසු ලොකු හාමුදුරුවෝ මා ගුවාන් නගරයේ ඇති අනාත නිවාසෙකට යැවීමට තිරණය කලේ හදිස්සියේමයි. මා අකැමති දෙයක් කිරීමට මට සිත හදාගන්න වුනි. කෙසේ හෝ ලොකු හාමුදුරුවෝ පැවසුවේ මා එහිදි අධ්‍යාපනය ලබා නැවත පැමිණෙන තෙක් බලා සිටිනා බවයි. 
මාව අනාත නිවාසෙට රැගෙන ගියේ හිස්මැසුමක් පැලදි උස පුද්ගලයෙකි. ඔහු මාව බස් රථයකට ගොඩ කර ගුවාන් නගරය දෙසට යන තෙක් සිටියා.

මා පළමුවරට ගුවාන් නගරය දුටුවේ සූර්යාලෝකයෙන් නැහැවුණු රන් සුරවිමනක් ලෙසිනි.

එහෙත් සත්‍ය ඊට වඩා බෙහෙවින් වෙනස් විය.

ගුවාන් නගර ශ්‍රී ජැනට් ළමා අනාත නිවාසය තුල මා වැනි තවත් ළමුන් රැසක් සිටියත් ඒ එක් අයකුවත් මා සමග මිතුරු වුයේ නැත. ළමුන් කීපදෙනෙකු සැරින් සැර මට කරදර කිරීමට ආරම්භ වුනි. ඔවුන් මා ඇඳි සිතුවම් සියල්ල ඉරා දැමීය. එහෙත් මා ඉවසුවා ඔවුන්ද මා මෙන් අසරණ අනාතයන් නිසා.

එහෙත් දිනක් එම ළමුන් කිහිප⁣ දෙනාම තවත් ගැහැණු ළමයෙකුට හිංසා කරමින් සිටි අතර මා ඔවුන්ට අවවාද කරත් ඔවුන් මා අල්ලාගෙන තියුණු තලයකින් මගේ මැණික්කටුව ආසන්නය තුවාල කරන ලදි. නමුත් රුධිරය ගලනවාත් සමගම මා ඒ පිරිසට ගුටිබැට දුන්නේ මා තුල සිටි රාක්ෂයෙක් අවධි වූවා මෙනි.

එහෙත් වැඩිහිටියන් මටයි දඩුවම් කලේ. ඔවුන් පැවසූවේ එම ළමුන්ගේ මියගිය දෙමාපියන් පොහොසත් අය කියා. අනාත නිවාසෙ තුලද දුප්පත් පොහොසත් පන්ති භේදයක් තිබුනේ එහි බාර කරුවන්ගේ නූගත් කම් නිසා.

මා සිටියේ දුප්පත් අනාතයන්ගේ කොටසේ. හූනන් ආහාරවලට ජරා කරා, මීයන් ඇඳුම් ඉරුවා, වැසිකිලි ගඳ ගැසුවා, මත්ද්‍රව්‍ය ඇබ්බැහි පිරිස්ද එහි ලැග සමහර ගැහැණු ළමුන්ට අතවර කලා. එහෙත් අපි ඉවසුවා. ජීවිතය කවදත් කටුක නිසා.

එම කාලයේදීම මෙම අනාත නිවාසයේ මුල්ගල තිබූ ජැනට් අධිකාරි වර්සකෝන් මැතිනිය රිය අනතුරකින් මිය ගියා. ඒ සමගම අනාත නිවාසයෙ සේවක මණ්ඩලය අස්ථාවර වී අනාත නිවාසය කඩාකප්පල් විය. ඒ නිසාම මා ඇතුලුව තවත් අනාතයින් ගුවාන් නගරයේ වීදී කොන්වල අතරමං විය.

මාස කිහිපයක් මා හිගා කමින් ජීවත් වූවත් දෑත සවිය ඇති විට මුට්ටකර ගසා රුපියල් විස්සක් දිනකට ඉපයූවා. මා බලා සිටියේ මගේ වයසේ කොල්ලන් කෙල්ලන් පාසල් නිමවී තම දෙමාපියන් වැළදගන්නා අයුරුමයි. මම දැනුම ලැබුවේ මාවතේ, කසල ගොඩේ විසි කල පොත්වලිනි. මට නිතර දෙවෙලේ සිහිවූයේ මගේ අම්මා ජීවතුන් අතර සිටියානම් මාත් දැන් ඇය සමගම විභාගයට පාඩම් කරන බවයි.


මෙම කාලයේදියි මගේ ජීවිතයේ හැරවුම් ලක්ෂය මට මුණගැහුනේ. මම එදින වීදියක තනිව සිටියේ සසර කලකිරී එතනම මියයන ආකාරයක් ගැන සිතමින් තද වැස්සකට යටවෙමිනි. නමුත් එක්වරම එම සීතල තුරන් වී උණුසුමක් මට දැනුනි. මා ඒ විටයි දැනගත්තේ එක මහලු මිනිසෙක් මා මත ජැකට්ටුවක් පෙරවා වැස්සෙන් රැක ඇති බව. 

එදින ඔහු මට අරමුණක් දුනි. ඒ ඔහුව ආඩම්බර කිරීමට ඔහුගේ මැහුම් රැකියාවලට උපකාර කිරීමයි. ඔහුගෙ නම චන්දන තිලකරත්න විය. ඔහු රැකියාවටත් හැකියාවටත් සිදුකලේ රෙදිපිළි මැසීමත්, කුඩා කුඩා අත්කම් නිර්මාණ සෑදීමයි. මා අවුරුදු කිහිපයක් තිස්සෙ ඔහු සමග රැකියාව ගෙන ගියේ බලාපොරොත්තු සහගතවයි.

තිලකරත්න මහතාට චේතනා නමින් දියණියක් සිටි අතර ඇය මා සමග සිටියේ අමනාපයකින්. කෙසේවෙතත් ඇය පසුපස චින්තක නම් ත්‍රීරෝද රථ රියදුරෙක් පැමිණි අතර ඇය ඔහුගේ යෝජනාවට අකැමති විය. 


පසුදින රාත්‍රියෙ මා ගමනක් ගොස් නැවත පැමිනෙන විට මා දුටුවේ තිලකරත්න මහතාගෙ ⁣⁣කඩය ගිනිබත් වෙන අයුරුයි. තිලකරත්න මහතා එම සිද්ධිය දුටුවිට සිහසුන් වී රෝහල්ගත කර ඇති විටත් මා ප්‍රමාද වී අවසන්. තිලකරත්න මහතා අධික ලෙස කම්පනයට ලක්ව ඇති නිසා ඔහුගේ තත්ත්වය අසාද්‍යය විය. චේතනාද ඇයගේ පියාට සිදුවූ අකරතැබ්බය මා පිට පැටවිය. තිලකරත්න මහතා මිය යන විට මට පැවසුවේ ඔහු මෙතෙක් කල් ජීවත් වූයේ මා ඔහුට අරමුණක් දුන් නිසාත්, ඒ නිසා මටද අරමුණක් සොයා ඉදිරියට යන ලෙසයි. මට පියෙකු ලෙස සිටි එකම පුද්ගලයාද එසේම මා හැර ගියේ මගේ හැගීම් පොඩි කරමිනි.

එදින මට දැනුනේ වේදනාව පමණක් නොව අධික කෝපයක්. මම නිශ්චය කරා මෙය චින්තකගේ අකටයුත්තක් බව. එනිසයි මා ඔහු වෙත ගියෙ. නමුත් ඔහුත් ඔහුගේ මිතුරනුත් එක්ව මා නැගිට සිටිය නොහැකිවන තෙක් පහර දී වීදියක තනිකල ගියේ සිනාසෙමිනි.

වසරක් පමණ රෝහල් තුල කාලය ගතකරමින් මා ගාමිණී කුලතුංග නම් මනෝචිකිත්සකවරයෙක් වෙත ගොස් ප්‍රතිකාර ලබමින් සිටියා.

කාලය නිකරුණේ නාස්ති කිරීමට මම අකැමති නිසා මා හමුදා පුහුණු කදවුරකට එක් වුනි. මම එහිදි සටන් ශිල්ප, ආයුධ හරනය, සටනකදි අවශ්‍ය නුවණ, සතුරකු දඩයම් කරනා ආකාර ඉගෙනගත්තෙමි.

එහෙත් කදවුරේදී අනිත් පිරිස් සමග ඇති වු ගැටලුවක් හේතුවෙන් මා එතනින්ද ඉවත් විය. නමුත් මට හැකිවූවා මා සමගම පිස්තෝලයක්ද රැගෙන එන්න.

පත්තරයක කාටුන් ශිල්පියෙකුව, ගරාජයක සේවයෙකු ලෙසද, ඉලෙක්ට්‍රොනික් උපාංග ප්‍රවාහන රැකියාවක්ද කරමින් මා මුදල් උපයා 'ජීවන් සහ පුත්‍රයෝ' නිවාස සංකීර්ණයෙන් කොටසක් මිලට ගෙන කාලය ගත කලෙමි.

 ඒ දින කීපය ගෙවුනේ දිගු රාත්‍රීන් සමග. මා හට නින්දක් ලැබුනේ පැයකට පමණි. අවට සිදුවන අපරාධ, විලාප දීම් සෑම රැයකම සිදු විය. මට සිතුනා පිස්තෝලය යොදාගෙන මගේ විදවීම අවසන් කරන්න. එහෙත් තිලකරත්න මහතා මට දුන් ජැකට්ටුව මට සිහිකලා අවසන් නොවුනු අරමුණක්.

චින්තක ඇතුලු ත්‍රීරෝද රථ කල්ලිය එදින එකම ස්ථානයෙ සිටි නිසා මට හැකි වූවා ඔවුන්ගේ රථයක් සොරකම් කර කැලෑවක සගවන්න. ඒ රථය සොයා ආ පුද්ගලයාව ගසක ගැට ගසා චින්තක ඇතුලු අනිත් පිරිසද කැලයට ගෙන්ව ගත් මා එකා එකා දඩයම් කලේ විලෝපිතයෙක් ලෙසයි. චින්තක පමණක් ඉතිරිවන විට මා ඔහුගේ සියලු මිතුරන්ගේ අතපය කඩා සිහිසුන් කර ගස්මත ගැට ගසා අවසන්. 

මා චින්තකගේ පසුපසින් ආවෙ ඔහුට නොදැනි පිස්තෝලය දික් කරමින්. ඔහු මා දකින විටත් මා මුහුණ ආවරණය කරගෙනයි සිටියේ. ඔහු බියවී පලා යාමට ගියද මම තිලකරත්න මහතාව ඔහුට මතක් කලා. එවිට ඔහු හැඩුවේ ඔහුට කිසිසේත්ම තිලකරත්න මහතා මැරීමට අවශ්‍ය නොවුනු බවයි. ඒ නිසා මම පිස්තෝලයට නොව අත්මිටට අවස්තාව දුනි.

පොලිසිය පැමිණෙන විටත් ත්‍රීරෝද රථ සියල්ලම ගිනිබත් වෙමින් පවති. චින්තක ඇතුලු පිරිසට කට උත්තර නැති විය. කිහිපදෙනකුව වෙනත් සිද්ධිවලට අත්අඩංගුවට ගන්නා ලදි.

 එදා මට මගේ සිරුරෙ සිරවී තිබුනු ගින්දර පිටකල හැකි විය. එදින මා දැනගත්තෙමි මගේ නව අරමුණ. මට හැකියි වෙනසක් කරන්න. ගුවාන් නගරය අපරාධකරුවන් බහුල ස්ථානයක්. ඒ නිසා කවුරුන් හෝ ඔවුන්ට එරෙහිව නැගි සිටිය යුතුයි. 

ඒත් ප්‍රශ්නය තමයි 

'කවුද?'

නිමි?

jeewaka750
Slashh comics SL

Creator

Story of Vijaya Kumarasiri Before the events of Black Jacket The Birth

#blackjacket #guan #srilanka #sinhala

Comments (2)

See all
dulhari
dulhari

Top comment

🥺 sad but hopes he will be ok

1

Add a comment

Recommendation for you

  • The Sum of our Parts

    Recommendation

    The Sum of our Parts

    BL 8.7k likes

  • Earthwitch (The Voidgod Ascendency Book 1)

    Recommendation

    Earthwitch (The Voidgod Ascendency Book 1)

    Fantasy 3k likes

  • Primalcraft: Scourge of the Wolf

    Recommendation

    Primalcraft: Scourge of the Wolf

    BL 7.1k likes

  • The Spider and the Fly

    Recommendation

    The Spider and the Fly

    Drama 4.2k likes

  • What Makes a Monster

    Recommendation

    What Makes a Monster

    BL 76k likes

  • Secunda

    Recommendation

    Secunda

    Romance Fantasy 43.4k likes

  • feeling lucky

    Feeling lucky

    Random series you may like

I AM VIJAYA (sinhala)
I AM VIJAYA (sinhala)

175 views6 subscribers

Story of Vijaya Kumarasiri before the events of Black Jacket the birth Remastered
Subscribe

1 episodes

I AM VIJAYA

I AM VIJAYA

175 views 2 likes 2 comments


Style
More
Like
List
Comment

Prev
Next

Full
Exit
2
2
Prev
Next